Workshop on Sex Therapy in Sinhala medium

SexTherapy_Workshop

Posted in Uncategorized | Leave a comment

Quick Navigation to Other Pages

  1. The book  පොත ගැන  – පටුන, පසු කවරය හා කවරයේ ඇතුළ් පැත්ත සහ එක් පරිච්ඡේදයක් කියවන්න පුළුවන්
  2. The author  කතුවරයා ගැන  – මහේෂ් රාජසූරිය ගැන විස්තර
  3. The book launch  පොත එළි දැක්වීම  – එදින ගැයුණු ගී වල මුල් ගී අසන්න සහ එදින ගත් ඡායාරූප බලන්න
  4. Press release on the book launch  පොත එළි දැක්වීම ගැන මාධ්‍යයට නිකුත් කෙරුණු සටහන
  5. Reviews on the book and media reports  මාධ්‍ය වාර්තා හා පොත ගැන අදහස්
  6. Discussion on the book on January 23  ජනවාරි 23 දා පැවති ෙපොත ගැන කතිකාවත
  7. Few questions to test your knowledge on sexuality and reproduction  රතිය හා ප්‍රජනනය ගැන ඔබේ දැනුම විමසමු
  8. A newspaper article based on the book  පොත පදනම් කොට කෙරුණු පුවත් පත් ලිපියක් – ගැහැණු ළමයාගේ රති පරිණතිය
  9. How to buy the book  පොත මිළදී ගන්න
Posted in Uncategorized | Leave a comment

From the back cover

කොළඹ සරසවියේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය, ‘රතිය විදු ඇසින්’ නමින් මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක් අප වෙත මෙසේ ගෙන එයි. තම සායනික දිවියේදී සහ සමස්ත සමාජය සමග ගනු දෙනු කිරීමේදී ඔහු ලබන අත්දැකීම් හමුවේ මෙවැනි වැදගත් නිරවුල් සරල දැනුම් සාරයක් සමාජය වෙත තිළිණ කළ යුතු යැයි වෛද්‍ය මහේෂ් රාජසූරිය ගත් තීරණය බෙහෙවින්ම කාලෝචිතය.

මෙම විෂයට ‍ආවේණිකවූ ගුප්ත අඳුරට මිණි පහනක් වෙමින් අපගේ රති දිවියේ තෘප්තිය වැඩි කරගන්නා සැටි ඉතා ප්‍රායෝගිකව සරළව රූප රාශියක් මගින් මෙතෙක් සිංහළ පොතකින් නොවූ පරිදි ඔහු අපට පහදා දෙයි. රතිය, ලිංගික ගැටළු, කන්‍යාභාවය, වැඩි විය පැමිණීම, රති රෝග හා ප්‍රතිකාර වැනි විවිධ කරුණු රාශියක් ඔහු තම පොත තුලින් විදග්ධ ලෙස ආමන්ත්‍රණය කරන්නේ පළමුව ඊට අදාළ න්‍යායික පසුබිම කාටත් තේරෙන සේ අප මනසේ චිත්‍රණය කිරීමෙන් පසුවයි. ඒ අනුව බැලූ කල මේ පොත අකුරු කියවිය හැකි වැඩිහිටි-තරුණ කාටත් සුදුසු වෙයි.

මෙම පොත පහත අයට විශේෂයෙන්ම නිර්දේශ කරනු ලැබේ.

  • වයස් බේදයකින් තොරව ඕනෑම විවාහක යුවළකට
  • තම රති දිවියේ තෘප්තිය නැංවීමට කැමති යුවළකට
  • විවාහ වීම රති දිවිය ඇරඹීමට සූදානම් වන ඕනෑම ගැහැනියකට හෝ පිරිමියෙකුට
  • නව යොවුන් වියේ දරුවන් සමග කල් ගෙවන දෙමවුපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන්ට
  • වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව, මනෝ ප්‍රතිකාර, උපදේශනය හා රති විද්‍යාව හදාරන ශිෂ්‍යයනට
  • රති/ ලිංගික ගැටළු සහිත අයට උපදෙස්/ ප්‍රතිකාර දෙන වෘත්තිකයනට
  • පහත රති ගැටළු නිසා ළතැවෙන අයට:
    • වැඩි වේලාවක් රති සුව විඳීමට අපහසු පිරිමි අය
    • රති සුවය ඉහළම ආනන්දයට විඳගැනීමට අපහසු ගැහැනු අය
    • අවයව, සිරුරේ පමණ හා හැ‍ඩ රුව ගැන ළතැවෙන ගැහැනු පිරිමි අය
    • මොනයම් හෝ රති/ ලිංගික ගැටළුවකින් පීඩා විඳින අය

 

Posted in Uncategorized | Leave a comment

From the front flap of the book

ඔබ මේ පෙරලන්නේ ඉතිහාසයේ පිටුවක් විය හැක. ලාකිකයා ඉංගිරිසින්ගේ යටත් විජිතකරණයට පෙර දිවි ගෙවූයේ සැහැල්ලු නිදහසකින්ය. එහෙත් ඔවුනට වික්ටෝරියානු ව්‍යාජ සුචරිතවාදයක ලාංකිකයාව සිරකරලීමට උවමනා වීය. අද එම සිරගෙයින් බොහෝ ලාංකික පිරිසක් නිදහස් වෙමින් සිටිති. රතිය, ලිංගිකත්වය යටපත් කිරීම එදා ඉංගිරිසින්ගේ ක්‍රමය විය. රතිය, ලිංගිකත්වය ජීවිතයේ කොටසක් ලෙස සැලකීම ලාංකිකයන්ගේ ක්‍රමය විය. අද නැවත නියම ලාංකිකයෙකු සේ රතිය දෙස විවෘත නෙතකින් බැලීමට කාලයයි මේ. එම කාලයේ ඇරඹුම සනිටුහන් කරමින් ඊලඟ පිටුව පෙරළීමට සූදානම් වන්න.

Posted in Uncategorized | Leave a comment

Quick Navigation to Other Pages

  1. The book  පොත ගැන  – පටුන සහ එක් පරිච්ඡේදයක් කියවන්න පුළුවන්
  2. The author  කතුවරයා ගැන  – මහේෂ් රාජසූරිය ගැන විස්තර
  3. The book launch  පොත එළි දැක්වීම  – එදින ගැයුණු ගී වල මුල් ගී අසන්න සහ එදින ගත් ඡායාරූප බලන්න
  4. Press release on the book launch  පොත එළි දැක්වීම ගැන මාධ්‍යයට නිකුත් කෙරුණු සටහන
  5. Reviews on the book and media reports  මාධ්‍ය වාර්තා හා පොත ගැන අදහස්
  6. Discussion on the book on January 23  ජනවාරි 23 දා පැවති ෙපොත ගැන කතිකාවත
  7. Few questions to test your knowledge on sexuality and reproduction  රතිය හා ප්‍රජනනය ගැන ඔබේ දැනුම විමසමු
  8. How to buy the book  පොත මිළදී ගන්න
Posted in Uncategorized | Leave a comment

Book Promotion: A discussion on January 23 at FPA

දෙවන නිහඬ අණ බෙරය

කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරියගේ මංගල පොත, ‘රතිය විදු ඇසින්’ ඔබ අතට පත් වුණේ 2012 සැප්තැම්බර 23 දාය.

දැන් මේ පොත ගැන ගැඹුරින් කතිකාවත් ඇරඹීමට සුදුසු කාලය එළැඹෙමින් පවතියි. මෙහි මුල් පියවර ලෙසින්  2013 අවුරුද්දේ ජනවාරියේ 23වනදා, බදාදා, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මුල්වීමෙන් ‍පොඩි හමුවක් පවත්වන්නයි යන්නේ.

මෙන්න විස්තර:

හමුව:                      රතිය විදු ඇසින් බැලීමට මහේෂ් රාජසූරිය සමත් වීද? ?ඔහුගේ එම උත්සාහය කියවන්නාගේ දිවියට අරුතක් එක් කළේද?

අරමුණ:       රතිය විදු ඇසින් පොත ගැන විචාරශීලී කතිකාවතක් ඇරඹීම

තැන:           කොළඹ 7 බුලර්ස් පටුමගේ අංක 37/27 දරන තැන පිහිටි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මයේ ශ‍්‍රවණාගාරයේදී

වෙලාව:       සවස 3:30 සිට සවස 5:30 දක්වා

ඔබේ පැමිණීමත් කතිකාවතට දායක වීමත් බලාගෙනයි මේ ඇරයුම එන්නේ.

කතාබහට එකතු වෙන්න පුළුවන් තව කවුරුහරි ඉන්නවනම් එක්කරන් එන්න.

ආයුබොවන්,

– ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මය

Human Sexuality: A Scientific Approach

A book in Sinhala by Mahesh Rajasuriya, Senior Lecturer, University of Colombo and Consultant Psychiatrist, National Hospital of Sri Lanka.

More than three months down the road from its official launch the Sri Lanka Family Planning Association organises a discussion on the book on Wednesday, 23rd January 2013 from 3:30 to 5:30 pm at their Auditorium at 37/27 Bullers Lane, Colombo 7.

Your participation would be greatly appreciated. This is an open invitation for all who wish to join the discussion.

– Sri Lanka Family Planning Association

Posted in Uncategorized | 2 Comments

ආයුබෝවන්! Ayubowan!

Rathiya Vidu Asin: Manava Lingikathwayata Vidyathmaka Pivisumak

Human Sexuality: A Scientific Approach

A book by Mahesh Rajasuriya

Click on the images to get larger ones.

Back Cover

Posted in Uncategorized | Leave a comment